top of page

තමන්ගෙ බැලුම හොයාගන්න

  • Writer: Revo Pathum Weeramanthri
    Revo Pathum Weeramanthri
  • Oct 17, 2022
  • 2 min read

මනෝ වෛද්‍යවරයෙක්ගේ දේශනාවක් අතරතුර, ඔහු ඒ වේලාවේ එතනට පැමිණි සියළු දෙනාටම බැලුම ගානේ අතට දෙනවා. දීලා කියනවා ඒක පුම්බල තම තමන්ගේ නම ඒකේ ලියන්න කියලා. දැන් ඔක්කොම බැලුම් පුම්බල ඉවර වෙලා එක එක්කෙනාගෙ නම් තමන් ලඟ තියෙන බැලුමේ ලිව්වා.

ඊට පස්සේ මනෝ වෛද්‍යවරයා එතන තිබුන කාමරයක් පෙන්නලා කියනවා හැමෝම ගිහින් ඒ කාමරේට ඔයගොල්ලෝ ලඟ තියෙන බැලුම ගිහින් දාන්න කියලා. දැන් ඔක්කොම දුවලා ගිහින් ඒ කාමරේට බැලුම් ඔක්කොම දාලා ආපහු ආවා. ආවාට පස්සේ ආපහු මනෝ වෛද්‍යවරයා මෙහෙම කියනවා.

"දැන් කට්ටියම දුවලා ගිහින් විනාඩි දෙකක් ඇතුලත තමන්ගේ නමට අදාල බැලුම තෝරාගෙන එන්න" කියලා.

දැන් හැමෝම දුවලා ගිහින් තමන්ගේ නම ගහල තියෙන බැලුම හොයනවා. විනාඩි දෙක ගෙවුන බව මනෝ දේශකතුමා සංඥා කලා. ඒත් කවුරුත් තමන්ගේ නම තියෙන බැලුම හොයාගෙන නෑ. පස්සේ දේශක තුමා හැමෝටම අඬගහලා මෙහෙම කියනවා.

"ඔබලාට මං තව අවස්ථාවක් දෙන්නම්. හැමෝම කාමරේට ගිහින් තමන්ට මුලින්ම හම්බවෙන බැලුමේ නම සඳහන් කෙනාට කතා කරලා ඒක භාර දෙන්න"

ඇත්තටම විනාඩියක් වත් ගියේ නෑ තම තමන්ට අදාල බැලුන් එක තමන්ගේ අතට ඇවිල්ලා තිබුණා. අවසානයේ දේශකතුමා කට්ටියට අඬ ගහල කතා කරනවා.

"අපේ නියම සතුට රැකගන්න නම් අනික් කෙනා සතුටින් තියන්න ඕන. ආත්මාර්ථකාමී විදිහට තමන් ගැනම පමණක් හිතන කෙනාට ජීවිතයේ කවදාවත් සැබෑ සතුට සැහැල්ලුව ලබා ගන්න බෑ !"

ඒක තමයි පාඩම. වටිනා පාඩමක්! මෙවැනි කතාවක් මම කලකට පෙර කියෙව්වා. එක්තරා විදේශිකයෙක් සත්ත්ව හැසිරීම් ගැන පර්යේෂණයකට ලංකාවට ආවලු. එයා අනුරාධපුරේ වැවක් ළඟ දවසක් වඳුරු රංචුවක් දිහා බලාගෙන උන්ගෙ හැසිරීම් දිහා බලන් හිටිය ලු. එතකොටම කැලේ පැත්තෙන් දුරින් වෙඩි සද්දයක් ඇහිලා. වැවේ වතුර බිබී හිටපු වඳුරු රංචුව තත්ත්පරයක කාලයකදි පැටවුනුත් අරන් ගහකට නැඟලා.

අර පර්යේෂකයාට හරි පුදුමලු මේ තරම් ඉක්මනට කොහොමද තමන්ගෙ පැටියත් අරන් ගහට නැග්ගෙ කියල. එහෙම හිත හිත ඉන්න කොට ගහ උඩ අපූරු දසුනක් දිස්වුණා. ගසට නැග්ග වඳුරො තමන් අතේ හිටි පැටවුන් හුවමාරු කරගන්නව. එයාල පැනලා තියෙන්නෙ ළඟම හිටපු පැටියව අරන්. තම තමන්ගෙ පැටියා හොය හොය හිටියම කාලය ගතවෙනවා. අනතුරකට පත්වෙන්නත් පුළුවන්. මේ වගෙ පාඩම් මිනිස්සු කවදා ඉගෙන ගනීද?

(උපුටා ගැනීමකි)

 
 
 

Comments


Featured Posts
Recent Posts
Search By Tags
Follow Us
  • Facebook Classic
  • Twitter Classic
  • Google Classic
  • Facebook Social Icon
  • don-be-afraid-be-great-board-mockup-brick-wall_53876-65985-01
  • YouTube Social  Icon
  • LinkedIn Social Icon
  • Blogger Social Icon
  • Twitter Social Icon
  • Whatsapp

Call or Whatsapp : +94 715 418 199

 

info@revo.lk

#174 Kaduwela road,

Battaramulla, Sri Lanka.

Dubai, UAE
Nahdat Aljeel Project Management Services Co. Dubai Silicon Oasis, IFZA, Duabi, UAE, 
License: 1070035 
revodubaioffice@gmail.com

Call: +971 522 299 862

California, USA 

# 8383 Wilshire Blvd Ste 334 Beverly Hills, CA, 90211-2434, USA

revoadagency@gmail.com

Call: +1 949 939-3928

Good Firms.png
0eaf0bcede9fafb2b567408c66a4474e.jpg
Top Advertising & Marketing Agency.png
Accredited Agency.png

Site Map

Home       Services      Portfolio       About       Contact      News     Career       Policy  

Copyrights 2022 ©  All rights reserved

Revo®™ - Revolution Advertising Agency 

(Name & Trade Mark has been registered)

Web Design by:

revo team

bottom of page